Friday, December 16, 2011


මම සිහින දකිමි. ඒවා සිහින පමණක්ම නොවේවායි පතමි.

සිහින 1. බොහෝ කලක සිට හිත හිතා සිටි පරිද්දෙන්ම මට ජපානයට ස්ථාන මාරුවක් ලැබී ඇත. ඉදිරි වසර දෙකක කාලය භුමි කම්පා වලට කම්පා නොවෙමින් ගෙවන්නට ජපානයට පැමිණියෙමි. නගරයෙන් තරමක් බැහැර කුඩා නිවසක නවතැන් ලබී ඇත. ඉස්කෝලෙ හාමිනේ ද ඒ අතර ජපානයට කෙටි කලකට පැමිණ ඇත.

සිහින 2. සතියක මුහුදු ගමනකට  මා සමග ඒක වීමට ඉස්කෝලෙ හාමිනේ කැමති වීමටත් වඩා ඒ සඳහා වෙලාව සොයා ගැනීම ගැන මට පුදුමය. නමුත් ඊයේ අප දෙදෙනා කැනඩාවේ වැන්කුවර් වරායෙන් පිටත්ව දැන් ඇලස්කාව බලා ගමන් කරමින් සිටින්නෙමු. ඈතින් හිමෙන් වැසුන කඳු මුදුන් පෙනේ. අප කුඩා දූපත් අතරින් යාත්‍රා කරමින් සිටී. නැවේ මගීන් දෙදහසක් පමණ සිටිතත් එකෙකුටවත් අප ගැන වගක් නැත. අප දෙදෙනා ගොඩබිම දෙසට මුහුණ ලා ඇති විශාල විදුරු ජනේලයක් අසල සිටගෙන සිටින්නෙමු. මා ඔබගේ ඉණ වටා අත යවා තුරුලු කරගෙන සිටිමි. ඔබ ඔබේ හිස මා උර මත රඳවා ඇත. අප දෙදෙනාම නිහඬව පසුවී යන දර්ශනය දෙස බලා සිටින්නෙමු.

සිහින 3. මෙහි ලිවිය නොහැක. අතිශයින්ම වැඩිහිටියන්ට පමණි. කවදා හෝ අප මුණගැසුන දිනක අමතක නොකර අහගන්න.

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න... 

5 comments:

  1. කියවනකොට ආසයි. හිනත් යනවා. ඒත් එකපාරම ඔබ දැන් මේ ලෝකෙ නැතිබව මතක් උනාම හිනාව අතුරුදන් වෙලා හිත ගල් ගැහෙනවා..

    ReplyDelete
  2. මොන තරම් හීන ගොඩක්ද? දීපා ඔයා මේවා කියවනවද?

    ReplyDelete
    Replies
    1. දීපා මැද්දෙන් කමෙන්ට් කළා නම් කොච්චර ලස්සන වෙයිද?

      Delete
  3. තෙවන හීනය ලියන්න බැරි වැඩිහිටියන්ට පමණයි නිසාද?

    මෙච්චර ආදරයක් තියෙද්දි තුන්වෙනි හීනය එච්චර නරක දෙයක් වෙන්න බැහැ. සුන්දර ඇති. සටහනක් තිබ්බ නම්, ආදරේ සැබෑම අරුත වැටහේවි..

    ReplyDelete
  4. අර තුන්වෙනි හීනය දැනගැනීමේ බවලත් කුහුලක් තියේ... :3

    ReplyDelete