Monday, December 12, 2011


දයාබර දීපා,

මොනවා වෙලාද මන්ද, අද මගේ note pad එක වැඩ කරන්නේ නැහැ. ආදරයට කොහිදෝ බාධා නැත්තේ? ඉතින් කොහොමද දීපා? කොහොමද ඇහුවට උත්තරයක් දකින්න තව ගොඩක් කල් බලන් ඉන්න වෙයි නේද? අලුත් අවුරුද්දේ අලුත් ඉස්කෝල වාරය පටන් ගත්තම වත් අපි ආපහු කතා කරමු. හැමදාම miss-call කරලා ඔයාට කරදරයක් කරන්න බැහැ. ඔබ තුමියත් ඒක තේරුම ගත්තොත් තමා හොඳ. එහෙම නැතුව මම කතා කරේ නැහැ කියල අමනාප වෙන්න ඔට්ටු නැහැ, හරිද?

ආදරේ හරිම පුදුම දෙයක්. ඔයා එක්ක කතා කරන්න ගත්ත දා ඉඳං මගේ හිතේ හැම වෙලාවේම ඉන්නේ ඔයා. අඩුම තරමින් අපි දෙන්න එක ළඟ වාඩිවෙලා ගමනක් වත් ගිහින් නැහැ නේද? ඔයාගේ රූපය මගේ හිතේ ඇඳිලා තියෙන්නේ අවුරුදු 21 ක් පරණ මතක සටහන් උඩ. "ච" කියපු විදියට ඔයා තවම වෙනස් වෙලා නම් නැතිලු. ඒත් උගේ කතා විස්වාස කරන්නේ කොහොමද? ඔයා ගැන කියනකොට ඌ මටත් වඩා එක්සයිට් වෙලා. Heart rate එකත් නැගලා තියෙන්න ඇති. මූණු පොතේ වත් ඔයාව දැක ගන්න තිබුන නම් අපුරුයි. ඒ වරදත් හිමිහිට හදා ගන්න බලමුකෝ.   

මගේ මතකය හරිනම් මම ඔයාව දැකල තියෙන්නෙත් දවස් 3 ක් හෝ 4 ක් හෝ විතරයි. දශක දෙකකින් නොදුටු ඔයාට ඇයි මම ආදරය කරන්නේ? අසම්මත්යටත් එහා ගිය වෙන මොනවා හරි දෙයක් අපේ දෛවයේ තියෙනවා වගේ. අපි අදටත් ඉන්නේ ලෝකේ දෙපැත්තේ. ඒ උනාට මම දන්නවා මම කතා නොකරන නිසා ඔයා හිත නරකින් බව. ඔයාට කතා කරගන්න බැරුව මමත් ඉන්නේ කනස්සල්ලෙන්. බලමුකෝ මහ බඹා අපේ නළල් වල කොටලා තියෙන හැටි. මැරෙන්න දවසක් තියා හරි ඔයාව දකින්න ආසයි කියල ලියන්න හොඳ නැහැ, මොකද දන්නවද, මැරෙන්න කලින් එක දවසකට වඩා ඔයාව දකින්න මට ඕන නිසා.

අපි ආයෙත් මුණ ගැහෙන දවසක් එන කම් අපි මතක තියා ගනිමු, ජීවිතය සුන්දරයි, සතුටින් ඉඳිමු.

4 comments:

  1. //මැරෙන්න දවසක් තියා හරි ඔයාව දකින්න ආසයි කියල ලියන්න හොඳ නැහැ, මොකද දන්නවද, මැරෙන්න කලින් එක දවසකට වඩා ඔයාව දකින්න මට ඕන නිසා.//

    ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වුණාද බලන්න, හැම ලිපියක්ම කියවන්න වෙයි.

    ReplyDelete
  2. ඔව් සෑම්, මාත් මේ හැම ලිපියක්ම ඔයාගෙ පස්සෙන් කියවගෙන එනගමන්..

    ReplyDelete