මට ඉස්කෝලේ හාමිනේ මුලින්ම මුණ ගැහුනේ මීට අවුරුදු 21 කටත් කලින්. දැකපු පළමුවෙනි දවසෙම මට ඉස්කෝලේ හාමිනේ ගැන ආදරයක් හිතුනා. ඒ දවස්වල නොවුනත්, දැන් අපි අපේ මැදිවියේදී ආදරවන්තයෝ වෙලා. මේ බ්ලොග් එක මම ඉස්කෝලේ හාමිනේට ලියන ලියුමක්. දැන් අපි දෙන්නම විවාහකයෝ නිසාත් ජිවත් වෙන්නේ ලෝකේ දෙපැත්තේ නිසාත් පවුල් අවුල් කරගන්නේ නැතුව කතාකරන්න වෙලා තියෙන්නේ මෙහෙමයි.
Friday, December 23, 2011
බාඳුරා මලකි ඇය
සඹද ඔබ වෙලාගත්
කෙන්ඩියයි ඇගේ සිත
ඔබ දමා වසා ගත්
දිනකදී ශේෂ වෙයි
ඔබ අස්ථි කෙන්ඩියේ
ඉවතලනු ඇත එවිට
සෙනෙහසින් ඔබෙ හපය.
ඔන්න ඔහොම දවසක් මගේ බත් මුල දාගෙන ආපු කවරේ ලියල තිබුනා. කතෘ කවුරු උනත් ඒකෙන් අදහස් වුනේ මගේ ඉතිහාස ගත ඇනගැනීම ගැන මට කනගාටුව පළකිරීම. අද වෙනකම් අවුරුදු 22 ක් මම ඔය පරණ බත් ඔතපු කොලේ තියාගෙන ඉඳල. නමුත් අද මම දන්නවා ඒ අදහස එහෙම පිටින්ම වැරදියි. වරද මගේ.
හෙට කතාවෙ ඉතුරු ටික බලන්නකෝ. එතකොට පැහැදිලි වේවි.
Subscribe to:
Post Comments (Atom)
මම හිතුව ලියන්නෙ නැහැ කියපු කවිය.. අද ලියැවිලාද කියලත්..
ReplyDelete