Saturday, December 3, 2011


මැදි වියද තරුණය...

දයබර දීපා,

ඔබ කිසි දිනක මේ ලිපිය නොකියවනු ඇත. කිසිවෙකුත් නොකියවනු ඇත. නමුත් මා සිත පෙලන අසහනකාරී තත්වය ලියා තැබිය යුතුයි සිතේ. ඒ සඳහා කිසිවෙකුත් කිසි දිනක නොකියවන බ්ලොගයක් හැර වෙනත් සුදුසු මාධ්ධ්යක් නැත. නමුත් මා සියල්ල ලිය තැබීමට උතසහ කරමි.

අද දෙසැම්බර් 4 වන ඉරු දිනය. පසු ගිය සිකුරාදා රාත්‍රියේ ඔබ කතා කරනු ඇතයි බලා සිටියෙමි. සෙනසුරාදා දහවල් ඔබගේ වේලාවෙන් 11 පසුවිය. මා ඔබ ඇමතුවේ 12 ට විනාඩි 5 ක තිබියදීය. ඔබ පොරොන්දු වු පරිදි 12 ට අමතනු ඇතැයි සිතා සිටියෙමි. තවමත් ඔබගේ ඇමතුම ආවේ නැත.

ඔබද විවාහකය. මමද විවාහකය. ඔබ මා අමතන තුරු බල සිටීම සාධාරණ නොවන බව මම දනිමි. අප දෙදෙනාම මැදිවියට පැමිණ ඇති බවද දනිමි. වසර 21 කට පසු යලි ඇසුන ඔබේ හඬ මගේ ආදරය තිරිහන් කර තිබේ. අද නොවුනත් හෙට හෝ යලි කෙදිනක හෝ ඔබ මා අමතන තුරු මම බලා සිටිමි.

වසර 21 ක් යනු කුඩා කාලයක් නොවේ.  ඒ කාලය තුල ඔබ දරුවන් තිදෙනෙකුගේ මවක් වී ඇත. ඔබේ දෙටු පුතුට වයස අවුරුදු 16 කි. මගේ දුවගේ වයස අවුරුදු 13 කි. අපගේ දරුවන්ට දෙමාපිය ආදරය අහිමි කරන්නට මා උත්සාහ කරනවා නොවේ. ඒ බව මා ඔබට කිව්වාදැයි මතක නැත. ඔබ යලි කතා කලොත් ඒ බව අමතක නොකර කියන්නෙමි. එහෙත් ඔබ යලි කතා නොකොළොත්... හොඳම දේ බලාපොරොතු උවත් නරකම දෙයට උවත් මම සුදානම්ව සිටිමි. Hope for the best... prepare for the worst.

ලියන්නට බෙහෝ දේ තිබේ. ඒ සියල්ලම කෙදිනක හෝ ලියා තබන්නෙමි. සෑම පෙම් හසුනක්ම ලියන්නාටත් ලබන්නාටත් හැර අන් සියල්ලන්ටම විහිළුවක් වන නිසා මේ බ්ලොග් අඩවිය සයිබර් අවකාශයේ අතරමංව පවතිනු ඇත. යම් දිනක ඔබට පමණක් එහි පිවිසෙන්නට මග හැර දෙමි.

දයාබර දීපා, යලිත් හෙට දිනයේ සටහනක් තබන තෙක් අදට නවතිමි.

ඔබට සුබ අනාගතයක්!

4 comments:

  1. සීත සිසිරය මැද වසන්තය එලැඹිලා
    දෙහද පෙම් මල් දෙවන වරටත් පිබිදිලා

    ReplyDelete
  2. හරි ලස්සන කතා පෙළක් වගේ

    ReplyDelete
  3. http://wewismatha.blogspot.com/ ෆලෝ ගැජට් මක්ක වෙලාද මන්ද

    ReplyDelete
  4. මුකුත් ම ලියන්නෙ නැතිව දිගටම කියවන්න කැමතියි.
    ලියල පෝස්ට් කළ වහාම ලින්ක් එක දෙන්න.

    ReplyDelete