මට ඉස්කෝලේ හාමිනේ මුලින්ම මුණ ගැහුනේ මීට අවුරුදු 21 කටත් කලින්. දැකපු පළමුවෙනි දවසෙම මට ඉස්කෝලේ හාමිනේ ගැන ආදරයක් හිතුනා. ඒ දවස්වල නොවුනත්, දැන් අපි අපේ මැදිවියේදී ආදරවන්තයෝ වෙලා. මේ බ්ලොග් එක මම ඉස්කෝලේ හාමිනේට ලියන ලියුමක්. දැන් අපි දෙන්නම විවාහකයෝ නිසාත් ජිවත් වෙන්නේ ලෝකේ දෙපැත්තේ නිසාත් පවුල් අවුල් කරගන්නේ නැතුව කතාකරන්න වෙලා තියෙන්නේ මෙහෙමයි.
Tuesday, December 27, 2011
ඔය කාලෙමනේ වැඩ වර්ජන බස් වර්ජන එහෙම තදටම තිබුනේ. මේ මම ඒ ගැන ලියපු හැටි.
වර්ජකයෙනි
තොපට ශාප වේවා!
ඇයට මා දකින්නට එන්නට
මග ඇහිරුවාහිය තොප.
මට
මගේ ආදරනීය කුමරිය
දකින්නට නොසැලසුවාහුය තොප
නමුත්
නොහකිය තොපට සිඳලන්නට
ඇය වෙතට පිදූ සෙනෙහස
නොහකිය තොපට උදුරා ගන්නට
එකම හාදුවක් හෝ ඇගෙන්
නොහකිය තොපට රිදවන්නට
ඇය මා රිදවන්නක් මෙන්
එපරිදිම
නොහැකිය මටත් රැඳෙන්නට
එක තැනක
එක අරමුනක
නොහැකිය මට සිටින්නට
නොදැක මගේ කුමරිය
එබැවින් සොයා එන්නෙමි මා ඔබ
ඔබේ නවාතැන් සෙවනට
සිප ගන්නට නොවේ දෙතොලත
විඳින්නට නොවේ ලැම පහස
එහෙනම් මොන මගුලටද?
රිදවා ගනු පිනිසමය මසිත....
විප්ලවය දෙදන අතර හිරවෙලා වගේ නේද? ඔන්න ඔහොම තමයි ආදරයෙන් ආතුර වෙලා හිටපු කාලේ කවි ලිවුවෙ.
"ඔයා හරි විරූපියි පීටර්" කියල මගේ මූනටම කිවුවෙත් මේකිම තමා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment