මට ඉස්කෝලේ හාමිනේ මුලින්ම මුණ ගැහුනේ මීට අවුරුදු 21 කටත් කලින්. දැකපු පළමුවෙනි දවසෙම මට ඉස්කෝලේ හාමිනේ ගැන ආදරයක් හිතුනා. ඒ දවස්වල නොවුනත්, දැන් අපි අපේ මැදිවියේදී ආදරවන්තයෝ වෙලා. මේ බ්ලොග් එක මම ඉස්කෝලේ හාමිනේට ලියන ලියුමක්. දැන් අපි දෙන්නම විවාහකයෝ නිසාත් ජිවත් වෙන්නේ ලෝකේ දෙපැත්තේ නිසාත් පවුල් අවුල් කරගන්නේ නැතුව කතාකරන්න වෙලා තියෙන්නේ මෙහෙමයි.
Sunday, December 4, 2011
දයාබර දීපා,
සම්මතය කුමක් කීවත් යටි හිත බලාපොරොත්තුවෙන් හිටියේ ඔයාගේ ඇමතුමක්. ස්තුතිය් කතා කලට. කාමරයකට ගුලි වෙලා ඔයාව තුරුල් කරන් ඉන්න මට ඕන නැහැ. ඔය වගේ සරින් සැරේ මට කතා කරන්න. ඔයා කතා කරපු නිසා මට කොච්චර සතුටුද කියල ඔය දන්නවද?
මට කතා කරන්න බැරිඋන නිසා ඔයාටත් මට වගේම කනස්සල්ලක් දැනුන එක ගැන මම සතුටු වෙන්න හොඳ නැති උනත් ඒක මට සතුටක්. මට වගේම ඔයාටත් තරහ යන එක? අපිට මෙනවද වෙන්න යන්නේ? හොඳ වෙලාවට අපි දෙන්න ලෝකේ දෙපැත්තේ ඉන්නේ. එහෙම නොවුනානම් මම ඔයාව හොයාගෙන ඇවිත් අපි දෙන්නම ලොකු කරදරේක වැටිලා.
අද වගේම ආයෙත් මට කතා කරන්න දීපා. විනාඩි දෙක තුනක් උනත් කමක් නැහැ. ඉස්සර වගේ පුංචි දේවලට හිත රිදව ගන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්නම්. පොරොන්දුවක් නෙවෙයි, හොඳද? තව ටිකකින් මමත් නිදා ගන්න ඕන. ජනේලෙන් එහා පැත්තේ ඇහෙන හුලන් සද්දේ අහගෙන, බිත්ති ඔරලෝසුවේ තප්පර කටුවේ සද්දේ අහගෙන ඇඳට වෙලා නිදි නැතුව ඉන්නේ නැතුව අද නින්ද යාවි.
ඔයා මට නොකීවට ඔයත් මට ආදරෙයි කියල මම හිතා ගන්නද?
දයාබර දීපා, ජීවිතය සුන්දරයි, සතුටින් සිටින්න.
මැදිවියට පත් උනත් ආදරය තරුණ වෙලා!
Subscribe to:
Post Comments (Atom)
කියෙව්වෙමි.
ReplyDeleteකවුරුවත් කියවන්නේ නැති මේ පැත්තේ ආවට ස්තුතියි. දැන් දන්නවනේ හැමෝම බ්ලොග් ලියන්නේ හිට්ස් බල්ලගෙනම නෙවෙයි කියල, නේද?
Deleteපීටර් !
Deleteඅද ඉදන් මම කියවනවා..
ඔබට සුභ ගමන්..