මට ඉස්කෝලේ හාමිනේ මුලින්ම මුණ ගැහුනේ මීට අවුරුදු 21 කටත් කලින්. දැකපු පළමුවෙනි දවසෙම මට ඉස්කෝලේ හාමිනේ ගැන ආදරයක් හිතුනා. ඒ දවස්වල නොවුනත්, දැන් අපි අපේ මැදිවියේදී ආදරවන්තයෝ වෙලා. මේ බ්ලොග් එක මම ඉස්කෝලේ හාමිනේට ලියන ලියුමක්. දැන් අපි දෙන්නම විවාහකයෝ නිසාත් ජිවත් වෙන්නේ ලෝකේ දෙපැත්තේ නිසාත් පවුල් අවුල් කරගන්නේ නැතුව කතාකරන්න වෙලා තියෙන්නේ මෙහෙමයි.
Tuesday, December 13, 2011
දයාබර දීපා,
අද miss calls 3 ක්. මොකද මේ වෙන්න යන්නේ? ආදරය අන්ධ විතරක් නෙවෙයි, අවදානම ගැන තියෙන අවදානයත් නැති කරලද? දීපා, අමතක කරන්න එපා බබෝ, අපි දෙන්නම ඉන්නේ 1990 හිටපු නිදහස් තනිකඩ ලෝකේ නොවෙන බව. ඒ දවස වල අපිට වැරදුනා කියල අපි දෙපැත්තක් බැලුවට දැන් තමයි අපිට වරද්ද ගන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩි. අපි තව චුට්ටක් විතර පරිස්සම් වෙමු නේද? හයියෙන් දිව්වොත් ඉක්මනට හති වැටෙනවා. හිමින් ගියොත් ගොඩක් දුර යන්න පුළුවන් විතරක් නෙවෙයි, වට පිට ලස්සන බලන්නත් පුළුවන්. ම්...
ඉස්කෝලේ හාමිනේ, ඕකට තරහ ගන්න ඕන නැහැනේ. අන්න එහෙම හිනා වෙලා ඉන්න. ඔයා එහෙම හිනා වෙලා ඉන්නව බලන්න මට කවද පුළුවන් වෙයිද දන්නේ නැහැ. බලමුකෝ, ඉක්ක්මනටම ආයෙත් ලංකාවට ඇවිත් යන්න. ඒ ආවත් අපි පොඩි කාලෙටත් වඩා දැන් අපි වටේ වැට කඩොලු. ඊයේ කියපු දේම තමයි කියන්න තියෙන්නේ. ආදරයට කොහිදෝ බාදා නැත්තේ. මම ඉන්න සීතල රටේ නම් බාදා අඩුයි. නැත්තේමත් නැහැ. අපේ ලංකාවේ එවුන්ම ඇති දැක්කොත් කතාවක් හදන්න. ඔප දුප ගිනි ගෙඩි වල් පල් මරුවෝ.
හොඳ ළමය වගේ ඉක්ක්මනට ඉන්ටෙර්නෙට් ගන්න. හරි හරි ඔයාගේ ෆොන් එකේ ඉන්ටෙර්නෙට් තියෙන බව දන්නවා. එ උනාට කෝ තවම e-mail බලන්නවත් බැහැනේ. ඉක්මනට ඒ ටික හදාගෙන මට කියන්න. මටත් පිස්සු... ඔයා ඉන්ටෙර්නෙට් ගන්න කම් මේ බ්ලොග් එක බලන්නත් නැහැනේ. කමක් නැහැ, අනාගතයේ කවද හරි ඔයා බලපු දවසක මතක් කරගන්න මේ පොස්ට් ඒක අතීතයට අදාල බව. ඒ අනාගතය ඉක්මනටම වර්තමානය වේවා!
එතෙක්, ජීවිතය සුන්දරයි, සතුටෙන් සිටින්න. ඊට පස්සෙත් ජීවිතය තවත් සුන්දර වේවි, සතුටෙන්ම සිටින්න ලැබේවි.
Subscribe to:
Post Comments (Atom)
දීපා එකවර සියල්ල කියවද්දි අමුත්තක් දැනේවි..
ReplyDeleteමම කියන්නෙ පරක්කු වෙලාම ඉන්ටර්නෙට් ගන්න එක හොදා..