Saturday, January 7, 2012

කතන්දරගේ බ්ලොග් එකට ලියපු comment එකක් මෙතන දැම්මේ ඔයා කතන්දර කියවන්නේ නැති නිසා...

වැඩිහිටි නිවාසයක සිටි මහලු කාන්තාවන් දෙදෙනෙක් මද වැස්සක් තිබුන දිනක දුම් පානය සඳහා එලියට ආවා. එයින් එක් කාන්තාවක් තංගල්ලෙන් කොන්ඩම් එකක් ඇදල අරන් කොන හපල තමන්ගේ සිගරට්ටුව වහගත්තා. අනිත් කාන්තාව කවදාවත් කොන්ඩම් එකක් දැකල තිබුනේ නැහැ. එයා අනිකිගෙන් ඇහුවම කියල දුන්න ඒවා තමයි කොන්ඩම් කියන්නේ කියලත් ඕනෑම pharmacy එකකින් ගන්න පුළුවන් බවත්. පහුවදාම මේ වයසක උන්දෑ pharmacy ට ගිහින් pharmacist ගෙන් ඉල්ලුවා කොන්ඩම්. pharmacist පුදුම වෙලා ඇහුවා මැඩම්ට මොන brand ඒවද ඕන කියලා. ආච්චි කියනවා "doesn't matter honey, as far as it fits for a Camel" කියලා.File:Pack of camel.jpg
(ඇමරිකාවේ තියෙනවා Camel කියල සිගරට් වර්ගයක්)

5 comments:

  1. දෙයියෝ සාක්කි!!

    henryblogwalker the Dude

    ReplyDelete
  2. පෝස්ට් ටික ඔක්කොම කියෙව්වා.
    ඔයා මේ මහ භයානක වැඩක්නෙ කරන්නෙ.
    මේක ලමයෙක්ට අහුවෙන්න පුලුවන්. වයිෆ්ට අහු වෙන්න පුලුවන්.
    අනේ මන්දා දැනුම් තේරුම් තියෙන වැඩිහිටියො මෙහෙම හැසිරෙනව කිව්වම හිතා ගන්නත් බැහැ.
    මේක තේරුමක් නැති වැඩක් කියල බලන ඕන කෙනෙක්ට තේරෙනවා.
    මේක ඔයාගෙ බ්ලොග් එක නිසා ඔයාට ඕනෙ දෙයක් ලියන්න පුලුවන් බව පැහැදිලිවම දැනගෙන වුනත් මේ ටික ලියන්නම හිතුනා.
    මේක විහිලුවක් ප්‍රබන්ධයක් නම් මීට රසවත්ව ලියන්න.
    එහෙම නොවෙයි නම් ඔච්චර හිත දුර්වල කරගන්නෙ නැතුව ඉන්න බලන්න.

    ReplyDelete
  3. @ Ano:

    "මුළු ලෝකයම අපෙන් බලාපොරොත්තු වෙන්නේ එයා හොඳ මවක් මම හොඳ පියෙක් විදියට ජිවත් වෙනවා දකින්න. ඒ කවුරුවත් අපි ආදරයෙන් හිත සතුටින් ඉන්නවද දන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, ඒ අයට ඒකෙන් ඇති වැඩකුත් නැහැ. අපි අපේ වගකීම් හරියට කරන තරමට අපේ අවට ඉන්න අයට අපෙන් වෙන්න තියෙන කරදර අඩුයි. ඒකයි ඒ අය අපි හොඳ මවක් හොඳ පියෙක් විදියට විතරක් දකින්න කැමති." වැඩිහිටියෙක් වෙලා දැනුම් තේරුම් ලබපු පලියට අපිට ආදරේ කරන්න බැරිද? ආදරේ උරුම තරුණ අයට විතරද? වයස ගියා කියල ඔක්කොම හැඟීම් දැනීම් යටකරගෙන ජිවත් වෙන්න ඕනද? අමතක කරන්න එපා, අපි දෙන්න ඉන්නේ ලෝකේ දෙපැත්තේ.මට ඕනේ අනියම් සම්බන්දයක් නෙවෙයි. එහෙම ඕනේ නම් මෙහේ ඕන තරම් ගෑනු ඉන්නවා ඒවාට සුදානම්.please, ආදරය කියන දේ තේරුම් ගන්න.

    ReplyDelete
  4. තරහ ගන්නෙ නැත්නම් දෙයක් අහන්නද..?
    ඔයා අතින් ඔයාගෙ විවාහක බිරිඳට අසාධාරණයක් වෙන්නෙ නැද්ද..? මොකද එයා ඔයාව බැන්ඳේ යෝජනාවකින් කියලා මේ බ්ලොග් පිටුවක තිබුනා... එයා ඔයා ගැන හන්කවිසියක් දන්නෙ නැතුවනේ බැන්දේ..

    මමත් යෝජනාවකින් කෙනෙක් අඳුනගෙන ඉන්නෙ... එයා මට ගොඩාක් ආදරේ...
    ඔයාගෙ කතාව දැක්කම මට භය හිතුනා...
    කොහේද නැති අහිංසකයෙක් අපෙත් කැමැත්ත අතුව අපේ ජීවිතයට ඈද ගත්තහම එයා ගැන මුළුමනින් බලාගන්න අපිට මුලින් යුතුකමක් ඉන් පස්සේ හැඟීමක් ඇති වෙනවා නේද කියලා මට හිතෙනවා...

    මම ආදරය කරපු කෙනෙක්... මට යෝජනාව ගෙනාවට පස්සෙ තමයි දැනගත්තේ මම ආදරය කල කෙනත් මට ආදරෙයි කියලා.. ඒත් මම තෝරගත්තේ යෝජනාවෙන් මගේ ජීවිතයට ආ කෙනා... මොකද එයා බලෙන් මගෙ ජීවිතයට ඇතුල් කරගන්න මම අනුබලයක් දුන් නිසා

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා, අහන්න මේ සින්දුව. කතන්දර මට අද ඊ මේල් කරලා තිබුණ.
      http://kathandara.blogspot.com/2012/03/tomorrow-never-comes.html

      ජිවිතේ පුදුම දෙයක්. අපි හිතන පතන දේවල් සහ අපිට ලැබෙන දේවල් අතර පරතරය බොහොම දුරයි. ඒ වගේම Medical student කෙනෙක් විදියට හිතන්නේ නැතුව තරුණ ගෑනු ළමයෙක් විදියට බැලුවොත් සමහර දේවල් වෙනස්ම පැති දෙකකින් දකින්නත් පුළුවන්.

      දෙවන ප්‍රශ්නය අහල ඉවර නිසා පළමුවෙනි ප්‍රශ්නෙට උත්තර දීල වැඩක් නැහැනේ. දෙවැනි ප්‍රශ්නෙට උත්තර දෙන්න මට බැහැ. ඒත් මේ ටික කියන්නම්. මම D ව දැකල තියෙන්නෙත් දවස් දෙක තුනයි. අතින්වත් අල්ලලා නැහැ. මම එයාගේ ගෙදරටම ගියත් එයා මාව අඳුර ගන්නෙත් නැහැ. අවුරුදු විසි ගණනක් කියන්නේ ගොඩක් ලොකු කාලයක්. දුරින් ඉඳන් එයාව බලන්න මම කවද හරි දවසක යනවා. ඒත් ඊට එහා දෙයක් නොකරන්න මම මටම පොරොන්දුවක් වෙලා තියෙනවා. අනික මගේ අසනීප එක්ක මම තව වැඩි කලක් ජිවත් වෙන එකකුත් නැහැ. Renal carcinoma with liver metastasis ගැන ඔයාට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

      මේ වගේ වෙලාවට අනුකම්පාවට වඩා ආදරය හරිම වටිනවා. විවාහය කියන්නේ අපේ ජිවිතේ අපිට ගන්න තියෙන තීරණ වලින් වැදගත්ම තීරණයක්‌. Here is my prediction. ඔයා දැනට යෝජනාවෙන් අඳුන ගත් කෙනා එක්ක විවාහ වෙන්න. ඒත් කවද හරි දවසක, අවුරුදු ගානක් නොදක ඉඳල, ආරංචියක්වත් නැතුව ඉඳල, ඔයා මුලින්ම ආදරය කරපු කෙනා මුණගැහුනොත්, කතා කරන්න ලැබුනොත්, බලන්න ඔයාගේ heart rate එක වැඩිවෙන තරම්. හදවතින්ම ආදරය කරනවා කියන්නේ එක වෙන්න ඇතිනේද? Medical student කෙනෙක් විදියට බැලුවොත් නම් fight or flight reaction එකක් වේවි. එකයි මම මුලින්ම කිව්වේ, ප්‍රශ්නය දිහා බලන විදියට උත්තරය වෙනස් වෙනවා. Either way, you have to fight with your gut feelings or take a flight away from your feelings. Nothing will be easy. Unless you can be a darn conservative, you will have a kind of guilty pleasure in your mind. එදාට ඔයා අතින් ඔයාගෙ විවාහක සැමියාට අසාධාරණයක් වෙන්නෙ නැද්ද කියන ප්‍රශ්නෙට ඔයාටම උත්තර හොයන්න වේවි.

      Delete