Tuesday, January 10, 2012



මෙන්න මම ඔයා ගැන හොයපු බවට සාක්කි.
මේ ලියුම් මම හිටපු බෝඩිමේ නංගිගෙන්. ඔයාට මතකද මන්දා, ඔයාගේ ගමේ උදවිය කිවුවේ ඔයාගේ ගමට ආපු කිසිම තනිකඩයෙක් ආපහු යන්නේ නැහැ කියලයි. ඒත් ඔයා මට අකමැති වුන නිසා මට ඒ වාර්තාව කඩන්න වුණා. ගෑනු ලමයිම 7 දෙනෙක් හිටපු ගෙදර 6 වෙනි ළමය තමයි මට විස්තර එව්වේ. පව්. මට දුක ඇති නේද කියලත් අහලා.
ඒ ළමයි වත් මගේ ගැන අදහසක් තියාගෙන හිටියද දන්නේ නැහැ. ඒක දවසක් ඒ ගෙදර ලොකුම අක්ක මගේ කුලය මොකක්ද කියල නම් ඇහුවා. මම දැනගෙන හිටියේ නැහැ එකට උත්තරේ. ඊළඟ සතියේ ගෙදර ගිහින් තමයි මමත් ඒක හොයා ගත්තේ. ඔයාටත් ඒ වගේ ප්‍රශ්න එහෙම අහන්න තියෙනවද ඉස්කෝලේ හාමිනේ?

මේ සින්දුවත් අහන්න.....

ඒත් අපිට මෙහෙම නේද වුනේ....



3 comments:

  1. ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලංකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

    ReplyDelete
  2. සිරා ලව් එකක් වගේ.

    නමුත් අර නාරද දිසාසේකර ගේ නව රිද්ම සින්දුව (මේ බවයෙදි) නම් මං කැමති නෑ. පොර ඒක කාලා සන්ෆලවර්ස්ලා එක්ක එකතු වෙලා.

    ReplyDelete
  3. පරණ සින්දු මොඩ් කරලා කාලා දාන එක ගැන නම් හරිම කනගාටුයි. කකා ඇහුවද බද්‍රජි මහින්ද ජයතිලකගේ බට්ටිච්චෝ සින්දුව හිරු එකේ බයියෝ විනාස කරලා තියෙන හැටි? මම දැක්ක කවුරු හරි කෙනෙක් නිහාල් ගේ බ්ලොග් එකේ ඒ ගැන අහලත් තිබුන.
    නිහාල් ගුරුසිංහ ට මොකද වුනේ? කිසිම සද්දයක් නැහැ.

    ReplyDelete