Thursday, January 5, 2012


මනමාලිගෙ බෙස්ට්මන්!

කියවන්නත් කම්මැලියි නේද? තව දෙන්න ගැනයි ලියන්න තියෙන්නේ. ඉතුරු ටිකත් කියවලම ඉවර කරන්න. ඒව බොහොම කෙටි කතාවල්.

අමතක උනා, ඔයාගෙ ගමෙන් ආපු දවස් වල තවත් අපේ batch එකේම එකෙක්ගෙන් අහලත් ඇනගත්ත. බොහොම සරලයි. මම ඇහුව. බෑ කියුවා. එච්චරයි. ඒ කෙල්ලත් ඊට පස්සෙ ඉක්මනට බැන්ද. උන් ඔක්කොම බැන්දෙ උන්ගෙ කල වයස හරි නිසා මිස මම අහපු නිසා නොවුනත් මගෙ යාලුවොනම් කියන්නෙ මම වගෙ එකෙකුත් ඇහුවම උන්ට හිතෙනවලු “යකෝ, මූත් අහන්නෙ අපි දැන් එච්චර පහලට වැටිලද, දැන්නම් ඉක්මනට බඳින්න ඕන” කියල. ඒකත් සමාජ සේවයක්නේ කියල මමත් හිත හදා ගන්නව. ඒ අතුරු කතාවක්.

අන්තිම කතා දෙක සිද්ධවුනේ එකම කාලයෙ – හරියට සමාන්තර ගනයෙ සිනමාවක් වගෙ. ඔය කාලෙ වෙනකොට මම ආයෙත් single වෙලානෙ. මම යාලුවෙකුගෙ – මගෙත් එක්ක වැඩ කරපු කෙල්ලෙක් බඳින වෙලවෙ බෙස්ට්මන් ට ගියා. හිනා වෙන්න එපා, බැඳපු එකා මගෙ
යාලුවෙක් නෙවෙයි. මනමාලි තමයි මගේ යාලුවා. එකිට ඕන උනා සුදු කොල්ලෙක් wedding photo එකේ තියාගන්න. ඔයාට එහෙමවත් මාව මතක් වෙන්න නැතුව ඇති නේද? බැඳපු පොරත් මම වගේම සුදු උස එකෙක්. මම මනමාලිගෙ බෙස්ට්මන්! ඔය කොල්ලා පිරිමි හෙදියක් හෙවත් male nurse කෙනෙක්. දැන් ඉතින් කතාවෙ ඉතුරු ටික හිතාගන්න පුලුවන් නේද. සාර්ථක කී වෙනි පාරටද මන්ද, ඔතන හිටපු nurse කෙනෙක්ගෙන් වටින් පිටින් මනාපය ඇහුව. ඇහුවටත් වඩා මම කැමති බව කිව්ව වගේ මතක. ඒ කතා කරපු දවසත් මගේ heart rate එහෙම වැඩිවෙලා තිබුන ලස්සන සුන්දර දාඩිය දාපු දවසක්. බයට නෙවෙයි, studio එ‍ක ඇතුලේ රස්නෙට. (මම කොහොමද ඔයාගෙන් මනාපේ ඇහුවෙ? මම ඇහුවද? නැත්නම් වටින් පිටින් දැනෙන්න ඇරිය විතරද?) ඒ ළමයා අහපු ගමන් කැමති උනේ නැහැ.


ඔය අතරෙ තමයි මට පිටරට යන්න ලබුනේ. ඒ ගිය අතරෙ ලියුම් එහෙම හුවමාරු උනා. ඒවත් මගෙ පෙට්ටගමේ තිබිල කියෙව්වා. මම ලංකාවට ආවට පස්සේ ඒ ලමය මට කැමතියි කියල කිව්ව. අවාසනාවකට වගෙ හැරෙන තැපෑලෙන්ම මට red notice ආව. ඔය වෙනකොට මට ඒ ගැන දුකක් නොහිතෙන තරමට මට අපේ සම්බන්ධය යන අත දැනිලයි තිබුනෙ. හැබයි මේ ළමය මට වඩා එක අවුරුද්දයි වැඩිමල්. දැන් කොහේ ඉන්නවද දන්නෙ නැහැ. බැඳලා middle east ගියා කියල ඒ දවස් වලම ආරන්චි වුනා. 

අවසන් කොටස හෙට.

2 comments:

  1. “යකෝ, මූත් අහන්නෙ අපි දැන් එච්චර පහලට වැටිලද, දැන්නම් ඉක්මනට බඳින්න ඕන” කියල."

    ඒක තමයි මම ආසම කෑල්ල.

    Peter, would you please remove this word verification, dude? It's a real pain in the ass.

    ReplyDelete
  2. Q Dude.
    Done.

    මමත් ඔබ තුමාගේ බ්ලොග් කියවනවා. වියලි කලාපේ ජිවත් වෙලත් තියෙනවා. බස් පාරේ ඉඳං හැතැම්ම 7 ක් පයින් යන දුරක අවුරුදු ගානකම ඉඳල තියෙනවා. එ නිසාම මට ඔබ තුමාගේ බ්ලොග් එක අනිත් අයට වඩා සමීපව රස විඳින්න පුළුවන් වුනා.

    ReplyDelete