
මට ඉස්කෝලේ හාමිනේ මුලින්ම මුණ ගැහුනේ මීට අවුරුදු 21 කටත් කලින්. දැකපු පළමුවෙනි දවසෙම මට ඉස්කෝලේ හාමිනේ ගැන ආදරයක් හිතුනා. ඒ දවස්වල නොවුනත්, දැන් අපි අපේ මැදිවියේදී ආදරවන්තයෝ වෙලා. මේ බ්ලොග් එක මම ඉස්කෝලේ හාමිනේට ලියන ලියුමක්. දැන් අපි දෙන්නම විවාහකයෝ නිසාත් ජිවත් වෙන්නේ ලෝකේ දෙපැත්තේ නිසාත් පවුල් අවුල් කරගන්නේ නැතුව කතාකරන්න වෙලා තියෙන්නේ මෙහෙමයි.
Monday, August 19, 2013
මම බොලඳ වියේ බැඳී හාද...
බොළඳ වියේ බැඳී ආදරයක් වගේ මගේ ආදරය සුන්දරය නැත.
කස කසා ඇට දැමූ සරුවත් සමග තිත්ත කෝපි බොන නවකතාවක් තරම්ම romantic වී ද නැත.
මාස ගණනක් දිවෙන ටෙලියක් තරමටම "ඇද ගෙන" යාමට කතන්දරයක්ද මෙහි නැත.
සිංහල චිත්‍රපටියක් මෙන් සටන් ජවනිකා හෝ ඉල ඇදෙන විහිලු තහළුද නැත.
සමහරක් බ්ලොග් ලියන්නන් මෙන් මම පරම පිවිතුරුද නැත.
Comments or hits බලාපොරොත්තු වන්නේද නැත.
නමුත් තවත් එකම එක වරක් ඔබ හමුවී, එකමත් එක කලක, එක්තරා පාසලක, ක්‍රීඩා උළෙලකදී සිදුවුවා මෙන් දොඩමලු වන්නට ලැබේ නම් ජීවිතය සුන්දර නොවේද?
Subscribe to:
Post Comments (Atom)
දොඩමළුවීම නම් භයානකයි. දොඩමළු වෙන්නේ බීමත් වුනාම, සමහර මත් ද්‍රව්‍ය ගත්තම, උමතු වුනාම. දොඩනවා කියන්නේ නම් කතා කරනවා කියන එකයි.
ReplyDeleteආදරයෙන් මත් වීමත් උමතු වීමත් දොඩමලු වීමට හේතුවක්.
ReplyDeleteI read all posts of Peter. and this is the last one we wrote. I can't explain about this sense.. we missed you peter...
ReplyDeleteඅනේ මන්දා...
ReplyDelete