Sunday, August 11, 2013

දන්නවද වැඩක්?

දන්නවද වැඩක්? කකා මේ පැත්තේ ඇවිත් ගිහිල්ල.

කකා කියන්නේ කතන්දර කියන බ්ලොග් එක ලියන "පොර." මම කකා ගේ බ්ලොග් ඒකට ගියේ බුන්දියෙන් ටැබූ ගේ බ්ලොග් ඒකට ගිහින් ඒකෙන්. ඔයාගෙයි මගෙයි කවදාවත් හැබෑ නොවෙන ඒ වගේම වෙනස් නොවෙන ආදර කතාව තරම්ම පරණ නොවුනත් ඕව තමයි ඒ කාලේ තිබුන, ටැබූ හැර, අදටත් තියෙන බ්ලොග්. ඔයා ඔය කතන්දර තියා මේකවත් බලන එකක්යැ. ඒත් ඉතින් මගේ ජිවිතේ ඉතුරු වෙලා තියෙන ටික කාලය ඇතුලත ඔයාට කවද හරි දැනගන්න ඕන දේවල් ලියල තියන්නම්.

කකා ලියල තිබුන අපේ කතාව සිරා ලව් එකක් වගේලු. ඒක හරි නේද? මට මතකයි ඊයේ ඔයාට කතා කරපු වෙලාවේ පොඩි උන්ගේ පන්තියේ මැද්දේ ඔයාට නිදහසේ "මලක් කඩා ගන්නත්" බැරිව උනත් ඔයාගේ කටහඬේ තිඋන සතුට. මම කතා කරපු එකට ඔයාට සතුටුයි කිව්වේ .... මොකක්ද කියන්නේ? අවන්කවම? (බින්දුව, ඔබ කොහිද?)

කකා තව කියල තිබුණ සන්ෆ්ලවර්සලා පරණ සින්දු විනාස කරපු හැටි. ඒක අහපුවම මට මතක් උනේ බද්‍රජි මහින්ද ජයතිලගේ බට්ටිච්චෝ සින්දුව. ඔයාට මතකද? මම තාමත් වැඩ කරන වෙලාවට මියුරු ගී වලින් ඒක අහනවා. අද කාලේ තරුණ පරම්පරාවේ අවාසනාවට හිරු රේඩියෝ කස්ටිය ඒ සින්දුව කාලා. ඔය ගැන නිහාල් ගුරුසින්හගේ බ්ලොග් එකෙත් කවුද ලියල තිබුන.

නිහාල් ගුරුසිංහ මට වඩා ටිකක් වැඩිමල්. ඒත් මම වගේම ආදරයෙන් බැඳිලා හිටපු, මට වඩා වාසනාවන්ත, දක්ෂකම් තිබුන "පොරක්." මොනවා වෙලාද මන්ද, කාලෙකින් කිසිම සද්දයක් නැහැ. එයයිටත් ඔබා මාමට වගේම දුවල දෙන්නෙක් හිටියා.

හෙට අනිද්දා දවසක බද්‍රජි ගැන ලින්ක් එකක් දාන්නං. එතකම්, ජීවිතය සුන්දරයි, සතුටින් ඉන්න.

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. No..now it's working, the background. First, I couldn't read.

    ReplyDelete
  3. ඇත්තටම නිහාල් ගුරුසිංහට මොකද වුනේ? කවුද කිව්වා ඒක ආරූඪ නමක්ය කියලා.

    ReplyDelete