Friday, August 9, 2013

අද කතන්දර කියල තිබුන වගේ මහවැලි ගඟට දැම්මද?

කොහොමද බබෝ. බොහොම කාලෙකින් ලියන්න හිතුනා. ඇයි D දවස් ගානකින් කතා කලේ නැත්තේ? ඔයාට විබාග වැඩ බව මම දන්නවා, ඒත් sms එකක් වත් එවන්න තිබුන නේද. අවුරුදු එකහමාරක් විතර, නෑ දෙකක් විතර තිබිච්චි ඔයාගේ ආදරේ කොහෙද ගියේ? අද කතන්දර කියල තිබුන වගේ ගුලි කරලා මහවැලි ගඟට දැම්මද?

දන්නවද වැඩක්, අපේ මේ කතාව බලන තවත් අය ඉන්නවා වගේ. මාස ගානකට පස්සේ අද මේකට log උනාමයි දැක්කේ, දවස් දෙක තුනකට සැරයක් කවුරු කවුරු හරි මේ පැත්තේ ඇවිත් ගිහින් තියෙනවා. එක දවසකුත් කිව්වා වගේ, සෑම පෙම් හසුනක්ම ලියන්නටත් ලබන්නටත් හැර අන් හැම අයටම විහුළුවක් නිසා සමහර අය මේ පැත්තේ එනවා ඇති නේද? කවුරුවත් හැබැයි comments දාල නම් නැහැ. අද කාලේ sms කරන කොල්ලෝ කෙල්ලෝ මොනවද දන්නේ ලියුමක තියෙන රසය, නේද? ඒ දවස් වල ලියුමක් එනකම් මග බලාගෙන ඉඳල එක ආපුවම තියෙන සතුට? මතක් වෙනකොටත් heart rate එක වැඩි වෙනවා වගේ. 

D, හැමදාමත් කිව්වා වගේ, පොර talk නෙවයි, ඔයාට ඕනෑම වෙලාවක මගෙන් වෙන්වෙලා යන්න අවසරයි. ඒත් අමතක කරන්න එපා, මම හැමදාමත් ඔයාට ආදරෙයි. මතකනේ, ජීවිතය සුන්දරයි, සතුටින් සිටින්න.


3 comments:

  1. මං නං ආවෙම අදයි.

    ඔය මහැවැලි ගඟට දැම්මාය කියන එක මං කියපඔු කතාවක් නොවෙයි. වසන්ත බණ්ඩාර ලියා අමරසිරි පීරිස් ගායනා කළ සින්දුවක එන කතාවක්.

    ReplyDelete
  2. ලියනවත් ලස්සනයි..
    සිතුවිලිත් අමුතුයි වගේ,
    ඒත් දෙවියනේ මොනවා කියලා කොමෙන්ට් කරන්නද..?

    ආදර වදන් දෙන්නාට හා ලබන්නාට හැර අනිකුන්ට විහිළුවක් කියන එක නම් සහතික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ඒත් දෙවියනේ මොනවා කියලා කොමෙන්ට් කරන්නද..? ....... අම්මපා

      Delete