මට ඉස්කෝලේ හාමිනේ මුලින්ම මුණ ගැහුනේ මීට අවුරුදු 21 කටත් කලින්. දැකපු පළමුවෙනි දවසෙම මට ඉස්කෝලේ හාමිනේ ගැන ආදරයක් හිතුනා. ඒ දවස්වල නොවුනත්, දැන් අපි අපේ මැදිවියේදී ආදරවන්තයෝ වෙලා. මේ බ්ලොග් එක මම ඉස්කෝලේ හාමිනේට ලියන ලියුමක්. දැන් අපි දෙන්නම විවාහකයෝ නිසාත් ජිවත් වෙන්නේ ලෝකේ දෙපැත්තේ නිසාත් පවුල් අවුල් කරගන්නේ නැතුව කතාකරන්න වෙලා තියෙන්නේ මෙහෙමයි.
Monday, August 19, 2013
මම බොලඳ වියේ බැඳී හාද...
බොළඳ වියේ බැඳී ආදරයක් වගේ මගේ ආදරය සුන්දරය නැත.
කස කසා ඇට දැමූ සරුවත් සමග තිත්ත කෝපි බොන නවකතාවක් තරම්ම romantic වී ද නැත.
මාස ගණනක් දිවෙන ටෙලියක් තරමටම "ඇද ගෙන" යාමට කතන්දරයක්ද මෙහි නැත.
සිංහල චිත්‍රපටියක් මෙන් සටන් ජවනිකා හෝ ඉල ඇදෙන විහිලු තහළුද නැත.
සමහරක් බ්ලොග් ලියන්නන් මෙන් මම පරම පිවිතුරුද නැත.
Comments or hits බලාපොරොත්තු වන්නේද නැත.
නමුත් තවත් එකම එක වරක් ඔබ හමුවී, එකමත් එක කලක, එක්තරා පාසලක, ක්‍රීඩා උළෙලකදී සිදුවුවා මෙන් දොඩමලු වන්නට ලැබේ නම් ජීවිතය සුන්දර නොවේද?
Monday, August 12, 2013
කාලෙකට පස්සේ මැදිවියේ දී අළුත්වෙන ආදරයක් ගැන මේ සින්දුව හොඳඳ බලන්න.
මම නෙවෙයි එහෙම ඇහුවේ, කකා. පහත තියෙන සින්දුවත් කකාමයි එවල තිබුනේ. නිකම්ම නෙවෙයි, you tube embedding code එකක් එක්ක.
අංක දෙක: කවුරු හරි මගේ account එකට ලොග් වෙන්න හදල. True identity එක හොයා ගන්න කාට හරි කුතුහලයක් පහළ වෙලා වෙන්න ඇති. අනේ මන්ද, මේක මගෙන් එකම එක පුද්ගලයෙකුට ලියවෙන කතාවක් කියල තියෙද්දිත් ඒක hack කරන්න හදනවා. සිංහල කතා කරන ජනතාව හරිම කුතුහලයෙන් ඉන්න පිරිසක්. අඩෝ, අපි උඹව දන්නවා, උඹට හැංගෙන්න බැහැ කියල හිටුවා ගල් ගහන්න වෙන්න ඇති.
මහත්වරුනි, මෙන්න මම: කකා තමයි මේ හෙළිදරව්ව කලේ. (හා, මේ වෛද්‍ය පීටර් නේද?)
සරලවම තේරුම් ගත හැකි හේතුවක් නිසා මම මේ බ්ලොග් එක විවුර්තව (කෝ මේ යන්සය) තබා තියනවා. කරුණාකර මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න.

Sunday, August 11, 2013
දන්නවද වැඩක්?
දන්නවද වැඩක්? කකා මේ පැත්තේ ඇවිත් ගිහිල්ල.
කකා කියන්නේ කතන්දර කියන බ්ලොග් එක ලියන "පොර." මම කකා ගේ බ්ලොග් ඒකට ගියේ බුන්දියෙන් ටැබූ ගේ බ්ලොග් ඒකට ගිහින් ඒකෙන්. ඔයාගෙයි මගෙයි කවදාවත් හැබෑ නොවෙන ඒ වගේම වෙනස් නොවෙන ආදර කතාව තරම්ම පරණ නොවුනත් ඕව තමයි ඒ කාලේ තිබුන, ටැබූ හැර, අදටත් තියෙන බ්ලොග්. ඔයා ඔය කතන්දර තියා මේකවත් බලන එකක්යැ. ඒත් ඉතින් මගේ ජිවිතේ ඉතුරු වෙලා තියෙන ටික කාලය ඇතුලත ඔයාට කවද හරි දැනගන්න ඕන දේවල් ලියල තියන්නම්.
කකා ලියල තිබුන අපේ කතාව සිරා ලව් එකක් වගේලු. ඒක හරි නේද? මට මතකයි ඊයේ ඔයාට කතා කරපු වෙලාවේ පොඩි උන්ගේ පන්තියේ මැද්දේ ඔයාට නිදහසේ "මලක් කඩා ගන්නත්" බැරිව උනත් ඔයාගේ කටහඬේ තිඋන සතුට. මම කතා කරපු එකට ඔයාට සතුටුයි කිව්වේ .... මොකක්ද කියන්නේ? අවන්කවම? (බින්දුව, ඔබ කොහිද?)
කකා තව කියල තිබුණ සන්ෆ්ලවර්සලා පරණ සින්දු විනාස කරපු හැටි. ඒක අහපුවම මට මතක් උනේ බද්‍රජි මහින්ද ජයතිලගේ බට්ටිච්චෝ සින්දුව. ඔයාට මතකද? මම තාමත් වැඩ කරන වෙලාවට මියුරු ගී වලින් ඒක අහනවා. අද කාලේ තරුණ පරම්පරාවේ අවාසනාවට හිරු රේඩියෝ කස්ටිය ඒ සින්දුව කාලා. ඔය ගැන නිහාල් ගුරුසින්හගේ බ්ලොග් එකෙත් කවුද ලියල තිබුන.
නිහාල් ගුරුසිංහ මට වඩා ටිකක් වැඩිමල්. ඒත් මම වගේම ආදරයෙන් බැඳිලා හිටපු, මට වඩා වාසනාවන්ත, දක්ෂකම් තිබුන "පොරක්." මොනවා වෙලාද මන්ද, කාලෙකින් කිසිම සද්දයක් නැහැ. එයයිටත් ඔබා මාමට වගේම දුවල දෙන්නෙක් හිටියා.
හෙට අනිද්දා දවසක බද්‍රජි ගැන ලින්ක් එකක් දාන්නං. එතකම්, ජීවිතය සුන්දරයි, සතුටින් ඉන්න.

Saturday, August 10, 2013
ඒ හැමෝගෙම ආදරය හොරා ගත්තෙත් ඔයාමද D?
මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරා ගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිහින්...
සින්දුවට link එකක් හොයන්න ගියමනේ දැක්කේ තව කී දෙනෙක් මේකම මූණු පොතේ දාගෙන ඉන්නවද කියල. ඒ හැමෝගෙම ආදරය හොරා ගත්තෙත් ඔයාමද D?

Friday, August 9, 2013
අද කතන්දර කියල තිබුන වගේ මහවැලි ගඟට දැම්මද?
කොහොමද බබෝ. බොහොම කාලෙකින් ලියන්න හිතුනා. ඇයි D දවස් ගානකින් කතා කලේ නැත්තේ? ඔයාට විබාග වැඩ බව මම දන්නවා, ඒත් sms එකක් වත් එවන්න තිබුන නේද. අවුරුදු එකහමාරක් විතර, නෑ දෙකක් විතර තිබිච්චි ඔයාගේ ආදරේ කොහෙද ගියේ? අද කතන්දර කියල තිබුන වගේ ගුලි කරලා මහවැලි ගඟට දැම්මද?
දන්නවද වැඩක්, අපේ මේ කතාව බලන තවත් අය ඉන්නවා වගේ. මාස ගානකට පස්සේ අද මේකට log උනාමයි දැක්කේ, දවස් දෙක තුනකට සැරයක් කවුරු කවුරු හරි මේ පැත්තේ ඇවිත් ගිහින් තියෙනවා. එක දවසකුත් කිව්වා වගේ, සෑම පෙම් හසුනක්ම ලියන්නටත් ලබන්නටත් හැර අන් හැම අයටම විහුළුවක් නිසා සමහර අය මේ පැත්තේ එනවා ඇති නේද? කවුරුවත් හැබැයි comments දාල නම් නැහැ. අද කාලේ sms කරන කොල්ලෝ කෙල්ලෝ මොනවද දන්නේ ලියුමක තියෙන රසය, නේද? ඒ දවස් වල ලියුමක් එනකම් මග බලාගෙන ඉඳල එක ආපුවම තියෙන සතුට? මතක් වෙනකොටත් heart rate එක වැඩි වෙනවා වගේ.
D, හැමදාමත් කිව්වා වගේ, පොර talk නෙවයි, ඔයාට ඕනෑම වෙලාවක මගෙන් වෙන්වෙලා යන්න අවසරයි. ඒත් අමතක කරන්න එපා, මම හැමදාමත් ඔයාට ආදරෙයි. මතකනේ, ජීවිතය සුන්දරයි, සතුටින් සිටින්න.

Subscribe to:
Posts (Atom)