Monday, August 19, 2013


මම බොලඳ වියේ බැඳී හාද...
බොළඳ වියේ බැඳී ආදරයක් වගේ මගේ ආදරය සුන්දරය නැත.
කස  කසා ඇට දැමූ සරුවත් සමග තිත්ත කෝපි බොන නවකතාවක් තරම්ම romantic වී ද නැත.
මාස ගණනක් දිවෙන ටෙලියක් තරමටම "ඇද ගෙන" යාමට කතන්දරයක්ද මෙහි නැත.
සිංහල චිත්‍රපටියක් මෙන් සටන් ජවනිකා හෝ ඉල ඇදෙන විහිලු තහළුද නැත.
සමහරක් බ්ලොග් ලියන්නන් මෙන් මම පරම පිවිතුරුද නැත.
Comments or hits බලාපොරොත්තු වන්නේද නැත.


නමුත් තවත් එකම එක වරක් ඔබ හමුවී, එකමත් එක කලක, එක්තරා පාසලක, ක්‍රීඩා උළෙලකදී සිදුවුවා මෙන් දොඩමලු වන්නට ලැබේ නම් ජීවිතය සුන්දර නොවේද?

Monday, August 12, 2013

කාලෙකට පස්සේ මැදිවියේ දී අළුත්වෙන ආදරයක් ගැන මේ සින්දුව හොඳඳ බලන්න.

මම නෙවෙයි එහෙම ඇහුවේ, කකා. පහත තියෙන සින්දුවත් කකාමයි එවල තිබුනේ. නිකම්ම නෙවෙයි, you tube embedding code  එකක් එක්ක. 

අංක  දෙක: කවුරු හරි මගේ account එකට ලොග් වෙන්න හදල. True identity එක හොයා ගන්න කාට හරි කුතුහලයක් පහළ වෙලා වෙන්න ඇති. අනේ මන්ද, මේක මගෙන් එකම එක පුද්ගලයෙකුට ලියවෙන කතාවක් කියල තියෙද්දිත් ඒක hack කරන්න හදනවා. සිංහල කතා කරන ජනතාව හරිම කුතුහලයෙන් ඉන්න පිරිසක්. අඩෝ, අපි උඹව දන්නවා, උඹට හැංගෙන්න බැහැ කියල හිටුවා ගල් ගහන්න වෙන්න ඇති. 

මහත්වරුනි, මෙන්න මම: කකා තමයි මේ හෙළිදරව්ව කලේ. (හා, මේ වෛද්‍ය පීටර් නේද?)


සරලවම  තේරුම් ගත හැකි හේතුවක් නිසා මම මේ බ්ලොග් එක විවුර්තව (කෝ මේ යන්සය) තබා තියනවා. කරුණාකර මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න.

Sunday, August 11, 2013

දන්නවද වැඩක්?

දන්නවද වැඩක්? කකා මේ පැත්තේ ඇවිත් ගිහිල්ල.

කකා කියන්නේ කතන්දර කියන බ්ලොග් එක ලියන "පොර." මම කකා ගේ බ්ලොග් ඒකට ගියේ බුන්දියෙන් ටැබූ ගේ බ්ලොග් ඒකට ගිහින් ඒකෙන්. ඔයාගෙයි මගෙයි කවදාවත් හැබෑ නොවෙන ඒ වගේම වෙනස් නොවෙන ආදර කතාව තරම්ම පරණ නොවුනත් ඕව තමයි ඒ කාලේ තිබුන, ටැබූ හැර, අදටත් තියෙන බ්ලොග්. ඔයා ඔය කතන්දර තියා මේකවත් බලන එකක්යැ. ඒත් ඉතින් මගේ ජිවිතේ ඉතුරු වෙලා තියෙන ටික කාලය ඇතුලත ඔයාට කවද හරි දැනගන්න ඕන දේවල් ලියල තියන්නම්.

කකා ලියල තිබුන අපේ කතාව සිරා ලව් එකක් වගේලු. ඒක හරි නේද? මට මතකයි ඊයේ ඔයාට කතා කරපු වෙලාවේ පොඩි උන්ගේ පන්තියේ මැද්දේ ඔයාට නිදහසේ "මලක් කඩා ගන්නත්" බැරිව උනත් ඔයාගේ කටහඬේ තිඋන සතුට. මම කතා කරපු එකට ඔයාට සතුටුයි කිව්වේ .... මොකක්ද කියන්නේ? අවන්කවම? (බින්දුව, ඔබ කොහිද?)

කකා තව කියල තිබුණ සන්ෆ්ලවර්සලා පරණ සින්දු විනාස කරපු හැටි. ඒක අහපුවම මට මතක් උනේ බද්‍රජි මහින්ද ජයතිලගේ බට්ටිච්චෝ සින්දුව. ඔයාට මතකද? මම තාමත් වැඩ කරන වෙලාවට මියුරු ගී වලින් ඒක අහනවා. අද කාලේ තරුණ පරම්පරාවේ අවාසනාවට හිරු රේඩියෝ කස්ටිය ඒ සින්දුව කාලා. ඔය ගැන නිහාල් ගුරුසින්හගේ බ්ලොග් එකෙත් කවුද ලියල තිබුන.

නිහාල් ගුරුසිංහ මට වඩා ටිකක් වැඩිමල්. ඒත් මම වගේම ආදරයෙන් බැඳිලා හිටපු, මට වඩා වාසනාවන්ත, දක්ෂකම් තිබුන "පොරක්." මොනවා වෙලාද මන්ද, කාලෙකින් කිසිම සද්දයක් නැහැ. එයයිටත් ඔබා මාමට වගේම දුවල දෙන්නෙක් හිටියා.

හෙට අනිද්දා දවසක බද්‍රජි ගැන ලින්ක් එකක් දාන්නං. එතකම්, ජීවිතය සුන්දරයි, සතුටින් ඉන්න.

Saturday, August 10, 2013

ඒ හැමෝගෙම ආදරය හොරා ගත්තෙත් ඔයාමද D?

 මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරා ගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිහින්...

සින්දුවට link එකක් හොයන්න ගියමනේ දැක්කේ තව කී දෙනෙක් මේකම මූණු පොතේ දාගෙන ඉන්නවද කියල. ඒ හැමෝගෙම ආදරය හොරා ගත්තෙත් ඔයාමද D?

Friday, August 9, 2013

අද කතන්දර කියල තිබුන වගේ මහවැලි ගඟට දැම්මද?

කොහොමද බබෝ. බොහොම කාලෙකින් ලියන්න හිතුනා. ඇයි D දවස් ගානකින් කතා කලේ නැත්තේ? ඔයාට විබාග වැඩ බව මම දන්නවා, ඒත් sms එකක් වත් එවන්න තිබුන නේද. අවුරුදු එකහමාරක් විතර, නෑ දෙකක් විතර තිබිච්චි ඔයාගේ ආදරේ කොහෙද ගියේ? අද කතන්දර කියල තිබුන වගේ ගුලි කරලා මහවැලි ගඟට දැම්මද?

දන්නවද වැඩක්, අපේ මේ කතාව බලන තවත් අය ඉන්නවා වගේ. මාස ගානකට පස්සේ අද මේකට log උනාමයි දැක්කේ, දවස් දෙක තුනකට සැරයක් කවුරු කවුරු හරි මේ පැත්තේ ඇවිත් ගිහින් තියෙනවා. එක දවසකුත් කිව්වා වගේ, සෑම පෙම් හසුනක්ම ලියන්නටත් ලබන්නටත් හැර අන් හැම අයටම විහුළුවක් නිසා සමහර අය මේ පැත්තේ එනවා ඇති නේද? කවුරුවත් හැබැයි comments දාල නම් නැහැ. අද කාලේ sms කරන කොල්ලෝ කෙල්ලෝ මොනවද දන්නේ ලියුමක තියෙන රසය, නේද? ඒ දවස් වල ලියුමක් එනකම් මග බලාගෙන ඉඳල එක ආපුවම තියෙන සතුට? මතක් වෙනකොටත් heart rate එක වැඩි වෙනවා වගේ. 

D, හැමදාමත් කිව්වා වගේ, පොර talk නෙවයි, ඔයාට ඕනෑම වෙලාවක මගෙන් වෙන්වෙලා යන්න අවසරයි. ඒත් අමතක කරන්න එපා, මම හැමදාමත් ඔයාට ආදරෙයි. මතකනේ, ජීවිතය සුන්දරයි, සතුටින් සිටින්න.


Monday, May 14, 2012

ඔබා මාමා මියගොස්ය.


ආදරණිය ඉස්කෝලේ හාමිනේ,

මාස ගණනකින් මම මේ බ්ලොග් එක ලිව්වේ නැත්තේ අපි හැමදාම වගේ කතා කරන නිසා. ඒත් අද උදේම දැනගත්ත ඉතාම කණගාටුදායක දෙයක් නිසා ආයෙත් ලියනවා. ඔබා කවුද කියල ඔයා අහලවත් නැතුව ඇති. මමත් කවදාවත් කතා කරලත් නැහැ. ඔබා කියන්නේ බ්ලොග් ලියන අය අතරේ හිටපු ඉතාම ප්‍රසන්න පුද්ගලයෙක්. මමත් කවදාවත් කතා කරලා නැති වුනත් මම ඔබා එක්ක බ්ලොග් වල කොමෙන්ට් හුවමාරු කරගෙන තියෙනව. ඔයාට ලියපු මේ බ්ලොග් එක නම ඔබා දැකල නැහැ. දැක්කනම් කියන දේවල් මට හිතා  ගන්නත් පුළුවන්.

ඔබා මාමා ගේ මරණය ගැන වැඩිදුර විස්තර කතාකරන වෙලාවක කියන්නම්. ඉතාම ළඟ හිතවතෙක් නැතිවුනා වගේ පාළුවක් දුකක් දැනෙනවා. තව ටික දවසකට මම බ්ලොග් කියවන එක නවත්තලා දානවා. මට හරිම දුකයි දීපා. ඔබා මාමා හරිම නිහතමානි මිත්‍රශීලි මිනිහෙක්. නිතරම විනෝදෙන් හිටියේ. ඒ බව එයාගේ දුවත් ලියල තිබුනා. ඔබා නැති පාඩුව නැවත පියවෙන එකක් නැහැ.

මම වගේම පළමුවෙනි පරම්පරාවේ කෙනෙක් විදියට ඔස්ට්‍රේලියාවට ගිය දවස් වල දුක විඳලා මහන්සියෙන් ජීවිතය ගොඩගන්න ඇති. ඒත් ඔබා හැමදාම කිව්වේ පරණ රසවත් කතා විතරයි. හරිම සුන්දර මිනිහෙක් සමුඅරන්.



මට හිතෙනවා මටත් ඔබා වගේ සැහැල්ලු ජිවිතයක් ගෙවන්න ලැබෙනවානම්....

එහෙම වුනොත් ජීවිතය සුන්දර වේවි.... සතුටින් ඉන්න ලැබේවි.

Saturday, January 14, 2012

සමනල රෑනක් සේ...

මතකද මම එක තැනකදී ලිවුවා මට විවාහක දෙදරු මවකගෙන් ලැබුන ආරාධනාවක් ගැන. ඒකෙම මම ලිවුවා මතකද අපි පේරා ගිය දවසක් ගැන. අපි දෙන්න මහා වැස්සක පුංචි කුඩයක් යටින් ආපු හැටි. කුඩේ මිට අල්ලගන්න ඉඩ නැතුවද මන්දා, එයා මගේ අතිනුත් එක්ක අල්ලාගෙනයි ගියේ. එදාම තමා මට තේරුනේ මේ ළමය එකට වැඩ කරන කෙනෙකුට වඩා යමක් මගෙන් බලාපොරොත්තු වෙන බව.


ඔය trip එක ගිය දවසේ අපි උදේ ඉඳලම මතට තිත තියල ඒ කාලේ ජනප්‍රිය වෙලා තිබුන sunflowers ලගේ සින්දු එහෙම කියා කියා තමයි ගියේ. මතකද අර යක්කු ගැන එහෙම සින්දුවක් තිබුණා. එ අතරේ අපෙන් වැඩි පෙරැත්තයක් එහෙම නැතුව මේ මාගම සමනල රෑනක් සේ... (original version) (new version) සින්දුව කිවුවා. අපි කවුරුවත් නොහිතපු තරම් බොහොම ලස්සනට කිවුවා. මෙයා සින්දු කියනවා මීට කලින් කවුරුවත් අහල තිබුනෙත් නැහැ. මම වගේම අපි එක්ක ගිය අනිත් අයටත් මේක හරිම පුදුමයක් බව ඒ වෙලාවේ ඇතිවෙච්ච නිහඩතාවයෙන් දැනුනා.


සමහර විට කියන්න තියෙන දෙයක් කියන්න කාටත් පොදු සින්දුවක් පාඩම් කරගෙන එන්න ඇති නේද? මමත් ඔයාට කියන්න තියෙන දේවල් කියන්න කාටත් විවුර්ත බ්ලොග් එකක් ලියන්නේ එකනේ.

ඔයාට පුදුමයිද මට තාමත් මේවා විස්තර ඇතුව මතක තියෙන එක?

Friday, January 13, 2012

ඉතින් ආයුබෝවන්....

දයාබර ඉස්කෝලේ හාමිනේ,

ඔයාගේ යාළුවා ඔයාට කිවුවා වගේම මේ බ්ලොග් එකට comment එකක් ලියපු ගෑනු ළමයෙකුත් ලියල තිබුන අපි කරන මේ වැඩේ භයානක බවත් කිසිම තේරුමක් නැති වැඩක් බවත්. ඔය එක්ක අද උදේ කතා කරපු වෙලාවේ මට හිතුනේ ඔයාටත් එහෙමම හිතිලා වගේ. ඔයාට මම මුලදීම පොරොන්දු වුනා වගේ මම ඔයාට කරදර කාරයෙක් වෙන්න වත් ඇනයක් වෙන්න වත් කිසිම බලාපොරොත්තුවක් නැහැ.

මේ සැරේ නම් මට හිතාගන්න පුළුවන් අපිට වැරදුන තැන. අපි ඉක්මන් වුනා වැඩියි. සමහර විට අපි හමු වුනේ අවුරුදු 21 (මේ මාර්තු මාසෙට 22 යි) කට පස්සේ නිසා අපි හදිස්සි වුනාද කියලත් හිතෙනවා. කමක් නැහැ දීපා, අපි ටික දවසක් දුරස් වෙලා ඉඳිමු. එතකොට අපිටම තේරුම් ගන්න පුළුවන් වේවි ඇයි අපිට මෙහෙම වරදින්නේ කියන එක වගේම ඔයාට තවදුරටත් මට ආදරය කරන්න පුලුවන්ද කියන එකත්.

ඔයාට හිතන්න ටික කාලයක් ඕනනම්, තව දවස් තුනකින් මම මේ බ්ලොග් එකත් වහල දාන්නම්. කවදා හරි ඔයාට හිතුනොත් මට කතා කරන්න, ඔයාට කැමති ඕනෑම වෙලාවක මට කතා කරන්න. මමත් ඉඳල හිටලා ඔයාට කතා කරන්නම්.     

මේ භවයෙදි මුලු දිය දායේ
එකතු නොවනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහා සාගරයක් වුයේ

මොනවා වුනත් අමතක කරන්න එපා, මම හැමදාම කිවුවා වගේ... ජීවිතය සුන්දරයි, සතුටින් සිටින්න.

කලින් ලියන්න අමතක වෙච්ච් තවත් එක අඳුරු කතාවක් තියෙනවා මම අදටත් පසුතැවිලි වෙන. ඒක මීට අවුරුදු 25 කට විතර කලින් දවස් 3-4 ක් ඇතුලත වෙච්ච සිදුවීමක්. ඔයාට මගෙන් වෙන් වෙන්න ඕනනම් ඒක හෙට කියවලා බලන්න. ඕනවට වඩා විවුර්ත වීම මෝඩ කමක් වෙන්න පුළුවන්. ඒත් මට මගේ හිතත් සැහැල්ලු කරගන්න (එහෙම වෙනවනම් කොච්චර හොඳයිද?) ඕන නිසා ලියන්නම්.

Thursday, January 12, 2012

ආයෙත් ගම කතාවට...

ගම කතාව එහෙම පිටින්ම අමතක වෙලා නෙවෙයි. වෙන වෙන දේවල් ලියවෙනවා.


ගම දුවවයි වෙද ගෝලයයි මුණ ගස්සවපු මන්තර කාරී දැනගෙන හිටියද දන්නේ නැහැ; වෙද ගෝලය ගම දුව ඉපදිලා බහ තෝරලා ඇඳුම තෙමා ගන්නේ නැතුව තමන්ගේ වැඩ කරගන්න දන්නා කියන කලේ තමයි ඉපදිලා තියෙන්නේ. වෙන විදියකට කියනවනම්, ගම දුව ඉපදිලා අවුරුදු හතරකට පස්සෙලු මේ කොල්ල ඉපදුනේ. ඒත් ඉතින් මේ කාලේ වෙනකොට මේ දෙන්නම ගැටවර වයස ගෙවල තරුණ වයසට ඇවිල්ලනේ තිබුනේ. මන්තර බලයද එහෙමත් නැත්නම් සංසාරේ පතාගෙන ආපු පුරුද්දක්ද මන්ද, වෙද ගෝලය නැවතිලා හිටපු ගෙදර ගෑනු ළමයි හත් දෙනෙක්ම ඉන්දැද්දී ගම දුවටම හිත ගියේ. ඕක මොකක්ද, හිම කුමාරිත් කුරුමිට්ටෝ හත් දෙනෙක්ම ඉන්දද්දිනේ රජ කුමාරයට කැමති වුනේ. හිම කුමාරි සිහිය නැතුව හිටපු එකයි සහ කුරුමිට්ටෝ හත් දෙනාම කුරුමිට්ටෝ වෙච්ච එකයි ඇරුනාම මේ කතාවේ වෙනසකට තිබුනේ වෙද කොල්ල සිහියෙන් හිටපු එකයි කෙල්ලෝ හත් දෙනා ගම දුව තරම්ම ලස්සන නැතත් ඇහැට කනට පේන ඇහෙන වුන් වෙච්ච එඅකයි ඇරුනම ලිංග බේදය විතරයි. මන්තර කාරියි ගම දුවයි ඇරුනම ගමේ හිටපු අනිත් හැමෝම හිතාගෙන හිටියේ වෙද ගෝලය ඔය ගෙදරින්ම කසාදයක් කරගෙන ඔය ගමීම බින්න බහීවි කියල තමයි. ඒත් ඉතින් එහෙම වුනානම් දැන් මේ කතාව ලියන්න කතාවක් ඇතිවෙන්නේ නැහැනේ. මෙන්න මෙහෙමයි කතාවේ ඉතුරු ටික.


 වෙද ගෝලයාගේ අප්පච්චි කිසිම කැමත්තක් තිබුනේ නැහැ තමන්ගේ පුත්තරය මේ ගම මැද්දේ ඉන්නවට. හැම අප්පච්චි කෙනෙක් වගේම ඒ අප්පච්චිත් බොහොම උත්සහ කරලා පුත්තරයට නගරයක තිබුන වෙද ගෙදරක් හොයා ගත්ත. දැන් කාලේ වගේ නෙවෙයි, ඔය දවස් වල තමන්ගේ තාත්ත කිව්වොත් කියන ඕන තැනකට යන්න දරුවෝ සුදානම්. ඉතින් අනේ අපේ වෙද ගෝලයත් ගම ඇරලා යන්න සුදානම් වුනා. මේක දැනගත්ත ගම දුවට හරියට දුක හිතුන. ඒත් අදටත් කවුරුවත් දන්නේ නැහැ ඇත්තටම ගම දුවට හිතුන දේවල්. සමහරවිට උණු හින්ද බොන්නත් බැහැ, කිරි හින්ද අහක දාන්නත් බැහැ වගේ දෙයක් වෙන්න ඇති. අනේ අපේ ගම දුව දවස් ගානක් හිතුවා හිතුවා වෙච්ච් දේවල් ගැන. කඩවසම් නොවුනත් කොල්ලත් කෙල්ලෙකුගේ හිත දිනා ගන්න බැරිම තරම් කෙනෙක් නෙවෙයි. ඒ වුනාට කෙල්ල නම් රූප සුන්දරියක්නේ.


This is not working... I don't think I can write anymore... sorry.  

Wednesday, January 11, 2012

අනේ සුසානෝ

අනේ සුසානෝ අපි දෙන්නට දෙන්න

ආයෙත් කවදාක හරි හමු වෙයි නේද

එහෙම හිතෙනකොට මට හොඳටෝම දුකයි

හැමදාමත් අපටම වැරදුනේ මොකෝ


කාලය ගෙවී කෙස් ඉදිලා බරත් වැඩි

ඇඟේ හැප්පුනත් අපි අඳුරන් නැහැනේ

තවත් වසර විස්සක් මෙහෙමම ගෙවුනොත්

සතුටින් ඉන්න වෙන්නේ ස්වර්ගයේ තමා

- රංචාගොඩ පීටර්